විපක්ෂ නායකවරයා ඡන්ද පත්‍රිකාව ප්‍රදර්ශනය කරයි

නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දය සලකුණු කිරීමෙන් පසුව අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය ඡන්ද පත්‍රිකාව ඉහලට ඔසවා ප්‍රදර්ශනය කරනු ලැබුවා.

එහිදී ඡන්දය ප්‍රකාශ කොට පත්‍රිකාව ප්‍රදර්ශනය කිරීම වැරදි බව එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විවේචන ඉදිරිපත් කරනු දැකගත හැකි වුණා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මුලින්ම ඡන්දය ප්‍රකාශයට පත් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යි.

POPULAR

Recent articles