ශ්‍රී ලංකාවට ඩොලර් දෙන විදේශිකයන්ට වසර10ක පදිංචි වීසා බලපත්‍රයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් වාණිජ බැංකුවක අ.ඩො100,000ක් බදු පදනම මත තැන්පත් කරන විදේශිකයන්ට වසර10ක පදිංචි වීසා බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා වන ‘ගෝල්ඩන් පැරඩයිස් වීසා’ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කරන විදේශිකයන්ට වසර 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන පදිංචි වීසා බලපත්‍රයක් නිකුත් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

මෙම වීසා වැඩසටහන වත්මන් විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවක්. එම වැඩසටහන සඳහා වූ යෝජනාව පසුගියදා පැවති ව්‍යාපාරික හමුවකදී ධම්මික පෙරේරා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වා තිබුණා. එය සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබෙනවා.

POPULAR

Recent articles