ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනය අත්හිටුවයි

ඉන්දියාවෙන් ආනයනය කළ දුම්රිය මැදිරි ධාවනය අත්හිටුවා තිබෙනවා.

ලොකොමෝටිව් ඉන්ජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කර සිටියේ දෝෂ තත්ත්වය හේතුවෙන් එම මැදිරි ධාවනයෙන් ඉවත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ රියැදුරු හා නියාමක සංගම් එම දුම්රිය මැදිරි ධාවනය කිරීමට නොහැකි බවට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් ඉංජිනේරු සංගමය ඒ පිළිබඳ වාර්තාවක් මෙතෙක් තමන්ට ලබාදී නොමැති බව ඔහු ප්‍රකාශ කරනවා.

POPULAR

Recent articles