ඥානා අක්කට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව

විවිධ මිත්‍යාමය කටයුතු කරනු ලබන ඥානවතී ජයසූරිය හෙවත් ඥානා අක්කා, කුමුදිනී හෙට්ටිආරච්චි එම කටයුතු සඳහා යෙදෙන අනුරාධපුරයේ නිවසට සහ දේවාලයට තවදුරටත් යුද හමුදා ආරක්ෂාව යොදවා ඇතැයි වාර්තා වෙනවා. ඇතිවූ කලහාකාරී සිදුවීම්වලදී ගිනි තබන ලද ඇයගේ නිවස අලූත්වැඩියා කටයුතු ද යුද හමුදා සෙබළුන් විසින් සිදුකරන බවත් බවද එම වාර්තාව සඳහන් කරයි.

අනුරාධපුර නුවර වැව අසල පිහිටා ඇති ඇගේ නිවස පසුගිය මැයි 9වැනිදා ඇති වූ කලහකාරී සිදුවීම් මත පිරිසක් විසින් ගිනි තබා තිබුණා.

එම ගිනි තැබීමෙන් පසුව මාධ්‍යට ඇය පවසා තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූවරුන් මගින් ලබාගත් බලතල තමන් විසින් භාවිත කිරීම පිළිබඳ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. මැයි 9 දා මැර පිරිසක් තම නිවසට පහර දීමෙන් පසු තමාගේ දහඩියෙන්, වෙහෙස මහන්සි වී කඳුළින් ගොඩනගා ගත් සියල්ල දැන් විනාශ වී ඇති බව ඇය පවසා තිබුණා.

අනුරාධපුර ඉසුරුපුර පදිංචි 66 හැවිරිදි ඥානවතී ජයසූරිය කියා තිබුණේ ඕනෑම කෙනෙකුට තමන්ට මුහුණදිමේ හැකියාව ඇති බවයි. තමන් පිළිබඳ ඕනෑම ආන්දෝලනාත්මක හෝ අපකීර්තියට ලක්වන චෝදනාවක් ඔප්පු කරන ලෙස අභියෝග කරන බවත් ඇය මාධ්‍යයට පවසා තිබුණා.

POPULAR

Recent articles