“විදුලි කප්පාදුවෙන් සිදුවූ පාඩුව කෝටි තුන්දහසකට වැඩියි” – මහජන උපයෝගිතා කොමිසම

පසුගිය දින දහයක කාලයක් රටපුරා සිදුකළ විදුලි කප්පාදුවෙන් සමස්ත ආර්ථිකයට සිදුවූ පාඩුව රුපියල් කෝටි තුන්දහසකට වැඩි යැයි මහජන උපයෝගිතා කොමිසම පවසා තිබෙනවා.

විදුලිය කප්පාදු කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩල පාලනාධිකාරිය හා තවත් පාර්ශ්ව දිගින් දිගටම ඉල්ලීම් කළත් ඊට ඉඩ නොදුන්නේ ඉන් රටට සිදුවන ආර්ථික පාඩුව බරපතළ නිසා යැයි කොමිසම කියා තිබෙනවා.

තාප බලාගාර කිහිපයකට අවශ්‍ය ඩීසල්, දැවි තෙල් හා නැප්තා නොලැබීම නිසා බලාගාර කිහිපයක් ක්‍රියාත්මක නොවූ පසුව දිනකට පැය කිහිපයක් විදුලිය කපා දැමීමට අවසර ලබාදීමට සිදුවූ බවයි කොමිසම කියා ඇත්තේ. මහජන උපයෝගිතා කොමිසම ලෙස සෑම විටම උත්සාහ ගන්නේ විදුලිය කපා නොහැර විකල්ප ක‍්‍රම හරහා රට තුළ අඛණ්ඩව විදුලිබල සැපයුමක් ලබාදීමට බවයි ඔවුන් පවසන්නේ.

POPULAR

Recent articles