මල්වාන නඩුවෙන් බැසිල් හා තිරු නඩේෂන් නිදොස් කොට නිදහස්

දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස පිළිබඳ නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාපක්ෂ සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් ගම්පහ මහාධිකරණය අද (03) නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාර් නිඩේෂන් එරෙහිව නඩු පවරා තිබුණා.

පවරා ඇති නඩුවෙන් එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කර නිදහස් කිරීමට ගම්පහ පූර්වගාමි මහාධිකරණ විනිසුරු නිමල් රණවීර අද (03) නියෝග කළා.

තිරුකුමාර් නඩේෂන් යනු රාජපක්ෂ ඥාතිවරියක් වන නිරූපමා රාජපක්ෂගේ සැමියා යි.

POPULAR

Recent articles