පාර්ලිමේන්තුව අද (04) රැස්වෙයි

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන්ද අද (04) දිනයේ තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර සමගි ජන බලවේගයේ විශ්වාස භංගයද ඊයේ (03) කතානායකවරයා වෙත භාරදෙනු ලැබුවා.

මුදල් අමාත්‍ය අලි සබ්රි විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක්ද අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

POPULAR

Recent articles