මුලතිව් – නයාරු ධීවරයින්ට මුහුදු යන ඉන්ධන නෑ

මුලතිව් මුල්ලිවයික්කාල් සිට කෝකිලායි දක්වා වූ මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත ධීවර බෝට්ටු 2000 කට දින 20 කින් පමණ ඉන්ධන නොලැබීම හේතුවෙන් එම ධීවරයින්ගේ මත්ස්‍ය කර්මාන්තය නැවතී දැඩි පීඩාවන්ට පත්ව සිටින බව වාර්තා වෙනවා. මුල්ලිවයික්කාල් සිට නයාරු දක්වාත් නයාරු සිට කෝකිලායි දක්වාත් වූ මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීම සඳහා ධීවර බොට්ටු 2000ක් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇතත් මේ වනතුරුත් ඉන්ධන ලැබී නැති බවයි කියන්නේ.

පුදුකුඩිඉරිප්පු ඉන්ධන පිරවුම්හලෙන් ධීවර බෝට්ටු 400ක්, මුලතිව් ඉන්ධන පිරවුම්හලෙන් බෝට්ටු 800ක් සහ නයාරු ඉන්ධන පිරවුම්හලෙන් බෝට්ටු 800ක් ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි කර තිබෙන බව කියනවා.

මෙසේ තිබියදී ධීවර යාත්‍රා වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන වෙනත් පුද්ගලයින් විසින් අධික මිලකට විකිණීම හේතුවෙන්ද ධීවරයින් පීඩාවන්ට පත්ව සිටින බව වාර්තා වෙනවා.

POPULAR

Recent articles