ඇමරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල්

ඇමරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස සිය ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව නිවේදනය කර තිබෙනවා.

ඒකාබද්ධ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (I.E.A) රැස්වීමකින් පසුව රුසියානු – යුක්රේන යුද්ධය හේතුවෙන් ඉහල නගින බොරතෙල් බැරලයක මිල පාලනය කිරීම සඳහා සාමාජික රටවල් 30 විසින් තම අතිරේක බොරතෙල් සංචිත වලින් බොරතෙල් බැරල් මිලියන 60 ක් ලෝක වෙළඳපොල වෙත නිදහස් කිරීමට එකඟ වී තිබෙනවා.

අද (02) දිනයේ ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 109.83 වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 108.10 ලෙස සඳහන් වනවා.

POPULAR

Recent articles