නව රජයේ කැබිනට්ටුව ජනපති හා අගමැති සමඟ 20කට සීමා වෙයි

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති හා අගමැති සමඟ 20කට සීමා කර ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත වනවා.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැත.

එළඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇති බවට මත පලවනවා.

POPULAR

Recent articles