“අධිකරණ ඇමතිට අපකීර්තියක් හා අපහාසයක් වන කිසිදු ප්‍රකාශයක් ඉදිරියට කරන්නේ නෑ” – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රිට අපකීර්තියක් හා අපහාසයක් වන අන්දමේ කිසිදු ප්‍රකාශයක් මින් ඉදිරියට නොකරන බව සිංහලේ නැමති සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹ දිසා අධිකරණය හමුවේ දී ප්‍රකාශයක් කරමින් පොරොන්දු වී තිබෙනවා. අපකීර්ති දායක ප්‍රකාශ කරමින් හා එම ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල පළකරමින් සිය කීර්තිනාමයට හානි කළේ යැයි අධිකරණ ඇමැතිවරයා ගොනුකළ වන්දි නඩුවක් සමථයට පත් කරමින් පඤ්ඤාලෝක හිමි එසේ පැවසුවා.

තමන්ට සිදුකර ඇති අපහාසයට රුපියල් කෝටි 150 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ ඇමැතිවරයා විසින් මේ නඩුව පසුගිය වසරේ මැයි 27 වැනි දින ගොනු කළා. වගඋත්තරකාර හිමියන් විසින් youtube, ෆේස්බුක් හා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාසය තහනම් කරන ලෙසත් සිදුකර ඇති අපහාසයට වන්දි අය කර දෙන ලෙසත් පැමිණිල්ල මඟින් ජනාධිපති නීතිඥ අලි සබ්රි ඉල්ලා තිබුණා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ ඊයේ (20) දින නඩුව කැඳවූ අතර දෙපාර්ශ්වය අතර ඇති කරගත් සමතයක් ප්‍රකාරව නඩුව අවසන් කරන බව නීතීඥවරුන් අධිකරණයට දන්වා සිටියා.

More from author

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත...

නව අමාත්‍යාංශයක් ගැසට් කරයි

තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මීට පෙර තාක්ෂණ හා ආයෝජන...

ඉන්ධන බෙදාහැරීම අත්හිටුවයි

පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවා ඇති බව සීමාසහිත ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා. එම සමාගම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related posts

Latest posts

ඇමතිගේ හිතවතුන් ගන්න පොල් සංවර්ධන මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ

පොල් සංවර්ධන මණ්ඩලයට සේවකයින් බඳවා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වනවා. මෙලෙස නව බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඇත්තේ රජයේ බඳවාගැනීම්...

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අනුමැතිය

බස් ගාස්තු 30% කින් ඉහළ දැමීමට අද (28) ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන...

මූල්‍ය සමාගම් 5 ක බලපත්‍ර අත්හිටුවීමට මහ බැංකුව තීරණය කරයි

මෙරට මූල්‍ය සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පහත මූල්‍ය සමාගම් පහට මුදල්...