“අවංකව දේශපාලනය කරපු නිසා තමයි අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ” – චමල් රාජපක්ෂ

තම පවුලේ දේශපාලනය නිසා මැතිවරණ වලදී උකස් කළ රාජපක්ෂ දේපල සින්නවී ඇති බව පොහොට්ටුවේ මන්ත්‍රී චමල් රාජපක්ෂ පවසනවා. අවුරුදු 90කට වඩා වැඩි බව කියන තම දේශපාලනයේදී තම පවුලේ දේපල උකස් කරමින් ඡන්ද කරන්න පටන් ගත් බවයි චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියන්නේ.

“රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. ඒක අවුරුදු 90කට වැඩියි. 1932 විතර පටන් ගත්තේ. එහෙම නැත්නම් මෙච්චර කලක් දේශපාලනය කරන්න බෑ. අපි දේශපාලනය පටන් අරගෙන තියෙන්නේ තියෙන දේපල උගස් කරලා ඒවා මැතිවරණයට යොදවලා.

අපිට තවමත් බේර ගන්න බැරිවුණ ඒවා තියෙනවා. උගස්කරපු ඒවා බේරා ගන්න බැරිවෙලා තියෙනවා. ඒ අවංකව දේශපාලනය කරපු නිසා තමයි ඒ දිස්ත්‍රික්කවල එදා ඉදන් අද වෙනකම් දේශපාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ” යි චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.

POPULAR

Recent articles