ලොව පුරා දෛනික කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 ඉක්මවයි

ඊයේ (20) දිනයේදී ලොව පුරා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 35 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ඊයේ (20) දිනය තුළ වාර්තාවූ සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3 554 251 ක් වනවා.


එමෙන්ම ඊයේ (20) දිනයේ නව කොවිඩ් මරණ 9,070 ක් ද වාර්තා වී තිබෙනවා.


කෙසේ වුවද ඊයේ (20) දිනය තුළ ඇමරිකාවෙන් දෛනික ආසාදිතයින් ලක්ෂ 7 කට ආසන්න සංඛ්‍යාවක්ද, ප්‍රංශයෙන් ලක්ෂ 4 කට ආසන්න සංඛ්‍යාවක්ද වාර්තාවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක් වනවා.


එමෙන්ම ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 350 000 කට ආසන්න වනවා.


ඉතාලියෙන්, බ්‍රසීලයේ හා ස්පාඤ්ඤයෙන් 150 000 ඉක්මවූ දෛනික ආසාදියින් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.


බ්‍රිතාන්‍ය, ජර්මනිය හා ආර්ජන්ටිනාවෙන් ලක්ෂයකට අධික කොවිඩ් 19 ආසාදිතයින් ඊයේ (20) දිනයේ වාර්තාවී තිබීමද කැපී පෙනෙන තත්ත්වයක් ලෙස විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

POPULAR

Recent articles