රුසියානු – යුක්‍රේන ගැටුමෙන් ඉන්දීය සිසුවෙක් මරුට

රුසියන් හමුදා යුක්‍රේනයේ කාර්කිව් නුවර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්‍යයකු මියගොස් ඇතැයි ඉන්දීය විදේශ අමත්‍යාංශය පවසනවා.

ඒ අනුව, රුසියන් හමුදා ප්‍රහාරයකින් යුක්රේනයේ අධ්‍යාපනය ලබමින් සිටි විදේශීය ශිෂ්‍යයකු මියගිය පළමු අවස්ථාව මෙය වනවා.

යුක්‍රේනයේ විදේශ සිසුන් බොහෝ දෙනකු අධ්‍යාපනය ලබන අතර, එම සිසුන් යුක්‍රේනයෙන් ඉවත් කර ගැනීමට රටවල් රැසක් පියවර ගෙන තිබුණා.

රුසියන් හමුදාව ආක්‍රමණය ආරම්භ කිරීමට පෙර ඉන්දියාව ද විශේෂ ගුවන් යානා ඒ සඳහා යෙදවු බව පවසනවා.

කෙසේ වුවද එම ඉන්දීය ශිෂ්‍යයා ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අද (1) උදෑසන වන අතර ඒ පිළිබඳව ශෝකය පළ කරමින්, විදේශ කටයුතු අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ එය මහත් අවාසනාවන්ත සිදුවීමක් බවයි.

ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය පවසන්නේ තවමත් යුක්‍රේනයේ ඉන්දීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16,000 ක් සිටින බවයි.

POPULAR

Recent articles