ව්‍යාපාරිකයින් 80කට නඩු

වැඩි මිලට බිත්තර අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කරන්නේ බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි.

එමෙන්ම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදු කරන බවද සභාපතිවරයා කියා සිටිනවා.

POPULAR

Recent articles