රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්

ඉල්ලා අස්වීමට සිදුවූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත් දංකොටුව, වලව්වත්තේ පදිංචි 23 හැවිරිදි අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු නැමති අය ප්‍රමුඛ සිදුවීම ගැන කැබිනට් අමාත්‍යවරුන් තුන්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තියෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය පෙබරවාරි 11 වෙනිදා දිනැතිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල සටහනක් අනුවයි මෙම පත් කිරීම කර ඇත්තේ.

පසුගිය 02 වෙනිදා අලුයම 2.30ට පමණ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට එල්ල වූ ප්‍රහාරය සඳහා පැමිණි පිරිසට ඉල්ලා අස්වීමට සිදුවූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුතාත්, රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලයේ සේවය කළ රියදුරු ඇතුළු පිරිසක් ඇතුළත්ව සිටියා.

සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකර නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාවක් කඩිනමින් ලබාගැනීම සඳහා පත්කළ කමිටුවට ඇතුළත් වන්නේ කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරු තිදෙනායි.

POPULAR

Recent articles