“කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ තිබෙනවා” – තමිල්නාඩු මහ ඇමති

දශක ගණනකට පෙර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදුන් කච්චතිව් දූපත නැවත පවරා ගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ (26) චෙන්නායි නුවරට පැමිණි අවස්ථාවේදී යි.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රටවල් දෙක විසින්ම භාවිත කළ පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට නැවත හිමි වුණේ 1976 ඉන්දු – ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම මඟිනුයි.

POPULAR

Recent articles