“ගල්අඟුරු නැව් අටක් මෙරටට එනවා නමුත් ඊට අවශ්‍ය ඩොලර් නෑ” – ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති

ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරු අඩංගු නැව් අටක් මෙරටට ගෙන ඒමට කටයුතු යොදා තිබුණත් ඊට අවශ්‍ය ඩොලර් මුදාහැරීමේ අභියෝගයකට මහ බැංකුව මුහුණ දී සිටින බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා පවසා තිබෙනවා.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය සාර්ථකව කරගෙන ගොස් තිබුණත් අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත වාරකන් කාලයට පෙර මෙම ගල්අඟුරු නැව් අටෙන් ගල්අඟුරු ගොඩබෑමට සිදුව තිබෙන බවයි කියන්නේ.

ජගත් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා ඇත්තේ අදාළ ගල්අඟුරු නැව් අට ලබන මාසයේදී මෙරටට ගෙන ඒම සඳහා ණයවර ලිපි (LC) පවා විවෘත කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. මෙම නැව් අට තුළ බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙට්‍රික් ටොන් හාරලක්‍ෂ අසූදහසක් පමණ තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරනවා. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනනය සඳහා ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන 2.25ක ගල්අඟුරු සංචිත ප‍්‍රමාණයක් බවයි සභාපතිවරයා කියන්නේ.

ගල්අඟුරු ආනයනයට ඩොලර් හිඟය බලපෑවොත් මෙගාවොට් 900ක් පමණ නිපදවන බලාගාරය නතරවී යා හැකි බවයි විදුලිබල ඉංජිනේරුවන් කියා ඇත්තේ.

POPULAR

Recent articles