“මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නෑ” – සිරිල් ගාමිණී පියතුමන්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක් නොවන්නේ නම් ඔහු කළයුත්තේ කුරුසියේ අත තබා දිව්රුම් දීම නොව නීතිය ඉදිරියේ තම නිර්දෝෂීභාවය ඔප්පුකිරීම යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක, සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විවිධ අවස්ථාවලදී කරන ‘‍වෙලාව ආවම කියන්නම්’, ‘අවශ්‍ය වෙලාවට කියන්නම්’ හෝ ‘දිවුරනවා’ ආදී ප්‍රකාශවලින් ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවයි සිරිල් ගාමිණී පියතුමා කියන්නේ.

කියනවා යැයි කියන දේවල් ප්‍රකාශ කරන්නට තව වසර ගණනාවක් අවශ්‍යද එසේත් නැතිනම් මැතිවරණයක් ආ යුතුදැයි තමන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටින බව උන්වහන්සේ සඳහන් කරනවා. හිටපු ජනාධිපතිවරයාට යමක් ප්‍රකාශ කිරීමට ඇත්නම් ඒ බව නීතිය ඉදිරියේදී හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ කළ හැකි බව සිරිල් ගාමිණී පියතුමන් පවසා තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම් හා විනය පරීක්‍ෂණ කළ යුතු අය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ද නිර්දේශ කර ඇතැයි පවසන සිරිල් ගාමිණී පියතුමා එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා සම්පූර්ණ වාර්තාව එළිදැක්වීම රජයේ වගකීමක් බවයි කියන්නේ.

POPULAR

Recent articles