ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතරුදන් වෙයි

ඇමරිකානුවන් තිදෙනෙකු යුක්‍රේනයේදී අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඔවුන් රුසියානු හමුදා භාරයට ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

රුසියාවට එරෙහි සටන් කිරීම සඳහා ඔවුන් පසුගිය දා ස්වේච්ඡාවෙන් යුක්‍රේනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේනයේදී අල්ලා ගත් සිය පුරවැසියන්ට “මානුෂික ලෙස සලකන” ලෙස අමෙරිකාව රුසියාවෙන් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

POPULAR

Recent articles