“දිවයින පුරා පැය හතරහමාරක් විදුලිය කප්පාදු කරනවා” – මහජන උපයෝගීතා කොමිසම

අද (23) දිනයේ කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා පැය හතරහමාරක් සහ තවත් තැන වලදී පය හතරයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කිරීමක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

මුළු රටම ආවරණය වන පරිදි කලාප 3 කට පැය 4 කුත් මිනිත්තු 40 ක කාලයක් හා අනෙකුත් කලාපවලට පැය 4 ක් හා මිනිත්තු 30 ක කාලයක් මෙලෙස විදුලිය කප්පාදු කරනවා.

ඒ අනුව අද උදෑසන 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A,B,C කාණ්ඩ තුනෙහි උදෑසන කාලයේ පැය දෙකකුත් රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 40කුත් විදුලිය කප්පාදු කරන බවයි කියන්නේ. ඉතිරි සියලු කාණ්ඩ ඇතුළත් රටපුරා වන සෙසු ප්‍රදේශ සඳහා උදේ 8.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය හතරහමාරක විදුලි කප්පාදුවක් සිදුවේ. ඒ උදෑසන කාලයේ පැය දෙකක් හා රාත්‍රී කාලයේ පැය දෙකයි විනාඩි 30 ක් ලෙස කොටස් දෙකකටයි.

POPULAR

Recent articles