රාගම වෛද්‍ය පීඨයට පැන්න අරුන්දිකගේ මැරයන්ගේ විස්තරය

අද (02) අලුයම 2.30ට පමණ රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රාගම පොලිසිය පවසන්නේ මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පිටතින් පැමිණි පිරිසක් විසින් බවයි. ප්‍රහාරය හේතුවෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි කියන්නේ.

පහරදීමට පැමිණි එක් අයෙකු වෛද්‍ය පීඨ ශිෂ්‍යන් විසින් අල්ලාගෙන රාගම පොලීසිය බාරයට පත්කර තියෙනවා.
පහළොවක් පමණ වූ මෙම පිරිස වාහන දෙකකින් නේවාසිකාගාර භූමියට ඇතුල්වී ඇති බවයි කියන්නේ. පැමිණි වාහන දෙකින් එක වාහනයක් එහි දමා පිරිස පලා ගොස් ඇති අතර WP KI – 2376 දරණ අංකය ඇති නිල් පැහැති එම වාහනය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් වාහනයක් බවයි කියන්නේ. රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ මැදිහත්වීම නිසා පලාගිය පිරිස අතර හුන් එක් අයෙකුගේ මුදල් පසුම්බියක්ද නේවාසිකාගාර භූමියේ තිබී සොයාගෙන තිබෙනවා. එහි ඇති හැඳුනුම්පතක දක්වා ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බවයි. ඔහුගේ නම සඳහන්ව ඇත්තේ ඩී. කේ. සමරතුංග ලෙසයි.

සිදුවීමට අදාළ වීඩියෝ දර්ශන :


POPULAR

Recent articles