Home Blog Page 8

ඉන්දියාවේ නිදහස නිව්යෝක්වල

0

ඉන්දියාවේ නිදහසේ අභිමානවත් 75 වන වසර සැමරීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ 77වන සැසිවාරය අතරතුර දී පැවැත්වුණා.

“India@75 – ඉන්දියාව – UN අතර සහයෝගීතාවය” යන තේමාව යටතේ පැවති මෙම උත්සවයට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපති චබා කොරෝසි මහතා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහ ලේකම් අමිනා ජේ. මොහොමඩ් මහත්මිය සහ ආර්මේනියාව, ඇන්ටිගුවා සහ බාබියුඩා, සයිප්‍රස්, ගැම්බියාව, ගයනාව, ජැමෙයිකාව, මාලදිවයින, ටැන්සානියාව, ටිමෝර් – ලෙස්තේ සහ යෙමනය යන රටවල විදේශ අමාත්‍යවරුන් සහභාගී වුණා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් සහ ප්‍රංශයේ විදේශ අමාත්‍යතුමා විසින් මෙම අවස්ථාව සඳහා විශේෂ පණිවිඩයන් නිකුත් කරනු ලැබුවා.

මෙම අවස්ථාව එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් කියා සිටියේ නිදහසින් පසුව ගෙවී ගිය 75 වසරක කාලය තුළ ලොව දිළිඳුතම රාජ්‍යයක සිට ලොව පස්වෙනුවට විශාලතම රාජ්‍යය දක්වා ඉන්දියාව පැමිණි බවයි.

ඔටුන්න හිමි කුමරු අගමැති වෙයි

0

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ දෙවන පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කිරීමටද රාජකීය නියෝගයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වුවද ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මීට පෙර නියෝජ්‍ය අගමැති හා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

අලි එලවන්න මිලියන 2 800/= ක්

0

වන අලින් පලවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා.

වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14ක් බවත් දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් ඒවා මිල දී ගන්නා බවත් වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

වන අලින් වගා බිම්වලට හා ගම්වලට කඩා වදින අවස්ථාවල දී ඔවුන් පළවා හැරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විසින් ජනතාවට නොමිලයේ මෙම අලි වෙඩි සපයනු ලබනවා.

කෙසේ වුවද වන අලින් ගම් වැදුනු අවස්ථාවල පළවා හැරීම සඳහා වනජීවී නිලධාරින්ගෙන් නිසි සහයෝගයක් නොලැබෙන බවට ඇතැම් විට ජනතාවගෙන් නැගෙන චෝදනා සම්බන්ධයෙන් කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර වනසංරක්ෂණ නිලධාරින්ගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී ඔවුන් පවසා ඇත්තේ වන අලි ගම් වැදුනු අවස්ථාවල ජනතාව වනජීවී නිලධාරින්ට දැනුම් දුන්නත් ඉන්ධන සීමාවන් නිසා ඇතැම් විට වනජීවී නිලධාරින්ට නියමිත වේලාවට අදාල ස්ථානයට ගමන් කිරීමේ ප්‍රායෝගික අපහසුතා ඇති බවයි.

එමෙන්ම දැනට පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අලි වෙඩි සඳහා දැනට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ඉදිරියේදී වැය කිරීමට සිදු විය හැකි බව ද වන ජීවී නිලධාරීන් එහිදී සඳහන් කර තිබෙනවා.

ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්

0

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බවයි ඉන් කියවෙන්නේ.

දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයින් පැවසෙනවා.

එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෙකු පැවසුවේ සමස්ත රාජ්‍ය සේවයම ආණ්ඩුවට එරෙහිව විවෘතව අදහස් දැක්වීම සිදුකෙරෙමින් පවතින නිසා ආණ්ඩුව තැති ගැන්මට කලවා ඇති බවයි. “ආණ්ඩුව රාජ්‍ය සේවකයාට බය වෙලා. අදහස් දැක්වීමට එරෙහිව තමන්ගේ මර්දනය ක්‍රියාත්මක කරන්නයි ඔය හදන්නේ. ඔහොම කට වහන්න ආණ්ඩුවට බැහැ. මේ පැරණි සියවස නෙමෙයි. මේ අලුත් සියවසක්. මිනිස්සු තමන්ගේ බය අත්හරිමින් ඉන්නේ. ඒ නිසා ඔය නීති තවදුරටත් වලංගු නැහැ’යි ඔහු සඳහන් කළා.

අදාළ චක්‍රලේඛය –

තොටළඟ ගින්නෙන් 220ක් අවතැන්

0

තොටළඟ කජීමා වත්තේ නිවාස පේළියක ඊයේ (27) රාත්‍රී 7.30ට පමණ හට ගත් ගින්නක් හේතුවෙන් එහි නිවාස 80කට වැඩි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවයි කියන්නේ. එහි පදිංචි පවුල් වල සාමාජිකයන් 220ක් සම්පුර්ණයෙන්ම අනාථ වී ඇති බව වාර්තා වෙනවා.

ගින්න මැඬලීමට ගිනි නිවන රථ 13ක් පමණ යෙදවූ බව කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ ප්‍රධානි පී.ඩී.කේ.ඒ. විල්සන් කියා සිටියා. ගිනි නිවන භටයන් 50කට වැඩි පිරිසක් සමඟ ප්‍රදේශවාසීන් ගින්න මැඬපැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබිණත් නිවාස 80ක් පමණ සම්පූර්ණයෙන් ගිනිබත් වෙනතුරු ගින්න මැඩලීමට නොහැකිව තිබෙනවා.

පැය දෙකක පමණ මෙහෙයුමකින් පමණ ගින්න මැඬපවත්වාලීමට ගිනි නිවන හමුදාව සමත් වන විට ලෑලිවලින් ආවරණය කර වහළට තහඩු සෙවිළි කර ඇති නිවාස විනාශ වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙහි වැඩි පිරිසක් පදංචිව සිටින්නේ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉදි කරනු ලබන තට්ටු නිවාසවලට යෑමේ අපේක්ෂාවෙන් සිටින පිරිස් බවයි වාර්තා වන්නේ.

ගින්න ව්‍යාප්ත වීමත් සමඟම එම නිවාසවල පදිංචි පිරිස් ඔවුන්ට බේරා ගැනීමට හැකි දේපළ නිවාසවලින් පිටතට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා. එහෙත් වැඩි දෙනකුගේ දේපළ ගින්නෙන් විනාශ වී ඇති අතර ඇඳිවත පමණක් ඉතිරි වූ පිරිස වැඩි බව පදිංචිකරුවන් කියනවා.

ගින්නට හේතුව මේ වන විටත් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බව පොලිසිය පවසනවා.

ගින්නට මැදි වී සියල්ල අහිමි වූ බොහෝ දෙනෙකු සඳහන් කරනු ලැබුවේ තමන් පදිංචිව සිටි ස්ථිර නිවාස කඩා දමා එම ස්ථානයේ තට්ටු නිවාස ඉදි කර දෙන බව සඳහන් කරමින් මාස 6ක පමණ කාලයකට යැයි කියා තමන්ව මේ තාවකාලිකව ඉදි කළ නිවාසවල පදිංචි කරවූ බවයි. එහෙත් දැන් අවුරුදු 10ක් ගෙවී ගොස් ඇතත් තාමත්, මේ තාවකාලික පැල්පත්වල අවම පහසුකම් යටතේ ජීවත් වන බව එම පිරිස් සඳහන් කරනවා. මේ තාවකාලික නිවාස සංකීර්ණය තුළ පාසල් දරුවන් රැසක් සිටින අතර ඔවුන්ගේ පොත්පත්ද මුළුමනින්ම ගින්නෙන් විනාශ වී ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ 2021 වසරේ මාර්තු 15 වැනිදා අලුයම් කාලයේදී ද මේ ආකාරයේම ගින්නක් මේ නිවාස සංකීර්ණය තුළ හටගත් බවයි. එහිදී නිවාස 27ක් ගිනිගෙන විනාශ වී තිබුණා. පසුව පසුගිය මාර්තු 24 වැනිදා ද මැදියම් කාලයේ මේ නිවාස යලිත් ගිනි ගත්තා. එම ගින්නෙන් නිවාස 21ක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ජනපති අද (28) පිලිපීනයට

0

ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අග්‍රාමාත්‍යවරයා සමග නිල වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයා අද (28) දිනයේ ජපාන අධිරාජ්‍යවරයා හමුවීමටද නියමිතව ඇති බවයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ මැනිලා නුවරදී ආරම්භ වන ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමට සහභාගිවීමට නියමිතව තිබෙනවා.

මෙවර ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ රැස්වීමෙහි මුලසුන හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වීම විශේෂත්වයක් වනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය කංසා වගා කරන්න යයි

0

අක්කර 10 000 විශාලත්වයෙන් යුතු කංසා වගාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙනවා.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඔක්තෝබර් පස්වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ බටහිර රටවල කංසා සඳහා විශාල ඉල්ලුමක් ඇති බවයි. ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට වැටී ඇති මේ මොහොතේ කංසා අපනයනයෙන් විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

“කංසා සම්බන්ධ ඉතා වැරදි මතයක් සමාජයේ තියෙනවා. කංසා දුම්පානයට අමතරව එය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයටත් යොදා ගන්නවා. දැනට ඖෂධ නිපදවීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවට කංසා ලැබෙන්නේ අධිකරණය හරහායි.

නඩු කටයුතු අවසන් වූ පසු අත්අඩංගුවට ගත් කංසා කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දෙනවා. කෙසේ වෙතත් නඩු කටයුතු සඳහා විශාල කාලයක් ගතවන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණෙන විට කංසා භාවිතයට ගත නොහැකි මට්ටමට පත්ව තිබෙනවා. මේ මොහොතේ තමන් සතුව ශුද්ධ, හොඳ තත්වයේ කංසා කිලෝග්‍රෑම් 3000ක් පවතින බව දෙපාර්තමේන්තුව පවසනවා. ඖෂධ නිපදවීම සඳහා ලියාපදිංචි ආයුර්වේද ඔසු සලකට දෙපාර්තමේන්තුව මගින් වරකට ලබා දෙන්නේ ලබාදෙන්නේ කංසා කුඩු කිලෝ ග්‍රෑම් දහයක් පමණයි” යනුවෙන් සිසිර ජයකොඩි අමාත්‍යවරයා කියනවා.

පාර්ලිමේන්තුවේ 60 පැනපු අය ගෙදර යැවීමේ තීරණයක්

0

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සාමාජිකයන්ද එළඹෙන දෙසැම්බර් මස 31 වනදා විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ පිරිසක් විශ්‍රාම යෑමේ අවම වයස 65 දක්වා දීර්ඝ කර ගැනීමට පසුගිය දිනවල උත්සාහයක නිරතව සිටි බවට වාර්තා වුණා.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ වයස 60 සම්පූර්ණවූ සාමාජිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි ලබන දෙසැම්බර් මස 31 වෙනිදා හෝ ඊට පෙර විශ්‍රාම ගත හැකි බව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) තච්චනා රාණි විසින් විශේෂ චක්‍රලේඛයක් පසුගිය 21 වනදා දාතමින් යුතුව නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

විශ්‍රාම ගැනීමට නියමිත නිලධාරීන්ට එමගින් දන්වා ඇත්තේ විශ්‍රාම ලිපි ගොනු සකස් කිරීම සඳහා අවශ්‍ය ලේඛන ආයතන කාර්යාංශය වෙත බාරදෙන ලෙසයි.

මේ අතර පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු වයස අවුරුදු 50 ට එලඹීමෙන් අනතුරුව අවුරුදු 60 ට පෙරාතුව විශ්‍රාම යෑමට අදහස් කරන්නේ නම් විශ්‍රාම යෑමට අපේක්ෂා කරන දිනට මාස හයකට පෙර ඒ බව ලිඛිතව දැනුම්දී කතානායකවරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව පරිපාලන අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

ලංකාවට බඩු එවන අයට නිවේදනයක්

0

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හා නේවාසිකයන් ශ්‍රී ලංකාවට එවන සහ පැමිණිමේදී කැටුව නොඑන ගමන්මලු සහ භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම් පිළිබඳව රේගුවට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි ආයතන හරහා පමණක් කළ යුතු බවත් ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

භාණ්ඩ අස්ථානගත වීම සහ හානිවීම ලියාපදිංචි නොවූ ආයතනය හරහා භාණ්ඩ එවීමේදී අස්ථානගත වීම සහ හානිවීම් වීමේ වැඩි අවස්ථාවක් ඇති බව රේගුව කළ පරීක්‍ෂණවලදීහෙළි වී ඇති බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

අබුඩාබි T10 තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 07ක්

0

මෙවර Abu Dhabi T10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න Samp Army කණ්ඩායම විසින් තෝරාගෙන ඇති අතර වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර Northern Warriors කණ්ඩායම විසින් තෝරාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වනිදු හසරංග Northern Warriors කණ්ඩායම සදහා ද, යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ Bangla Tigers කණ්ඩායම සදහාද තෝරාගෙන තිබෙනවා.

එමෙන්ම Chennai Brave කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ, දසුන් ශානක හා මහීෂ් තීක්ෂණ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනා සමගම ගිවිසුම්ගතව තිබෙනවා.