Home Blog Page 7

”වමේ පක්ෂ කියන එක මට තේරෙන්නේ නෑ” – සාගර කාරියවසම්

0

තම පක්ෂය විනාශ කරමින් එලියට ගොස් කෑගසන පුද්ගලයින්ට ජනතාව උත්තර දෙනු ඇති තමාට විශ්වාස බව පොහොට්ටුවේ ලේකම් නීතිඥ. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා. පොහොට්ටුව සමඟ එකතු වුණු බලලෝභී පිරිසක් එයින් ඉවත් ගොස් ඇති බවත් ඒ අය කව්රුන්දැයි ජනතාව දන්නා බවත් ඔහු පවසනවා.

“පාර්ලිමේන්තු මන්ත්‍රී ජනන ජයසුමන විසින් සිදුකර ඇති ප්‍රකාශ පිළිබඳව වගකියන්න ඕනේ එතුමා යි. මේ රජය පටන්ගත්ත දවසේ ඉඳන් එතුමා තමයි සෞඛ්‍ය ඇමති. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් කඩා වැටීමක් තියෙනවා නම් ඒකටත් වගකියන්න ඕනේ එතුමා ම තමයි.

අපේ පක්ෂය කියන්නේ රටේ අනාගතය සහ දරුවන් වෙනුවෙන් ගොඩනැගූ පක්ෂයක්. ඒ හින්දා වාසි බලාගන්න විතරක් ගොඩනැගෙන සන්ධාන වලට අපි එකතු වෙන්නේ නැහැ. වමේ පක්ෂ කියන එක මට පැහැදිලි නැහැ. සතියක් ගානේ ප්‍රශ්න ඇති කරලා ඒවා විදෙස් මාධ්‍ය වල පෙන්නලා මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ” යි මන්ත්‍රීවරයා පවසනවා.

වැඩිහිටි දීමනාව අද නොවේ හෙට

0

රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව මෙතෙක් ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

සෑම මාසයකදීම 15 ත් 22 ත් අතර මෙම දීමනාව හිමිවුවත් මෙම මාසයට අදාල දිමනාව මෙතෙක් හිමි නොවු බවත් ඔවුන් පවසනවා.

වයස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාබී වැඩිහිටි පිරිසට වැඩිහිටි දීමනාව ලෙස රජය මගින් මාසිකව රුපියල් 2000 ක මුදලක් පරිනමනු ලබනවා.

එම මුදලින් රුපියල් 100 ක මුදලක් අයකරමින් රුපියල් 1900 ක මුදලක් තැපැල් කාර්යාල මගින් සෑම මසකම 15 ත් 22 ත් අතර දිනයන්හීදී විඩිහිටියන් වෙත ලබාදීමට කටයුතු කරනු ලබනවා.

මෙම මාසයට අදාල වැඩිහිටි දීමනාව නොලැබීම සම්බන්ධයෙන් වැඩිහිටි මහලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ මෙම මස සිට එම දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබා දෙන බවයි.

මෙතෙක් එම මුදල් ප්‍රතිපාදන වෙන්කර නොමැති බවත් හැකි ඉක්මනින් එම මුදල් ලබා දීමට කටයුතු කරන බවත් ඇය තව දුරටත් සඳහන් කර සිටිනවා.

”අපිත් යන්නේ නෑ” – සජිත් ප්‍රේමදාස

0

මීට පෙර යොදාගත් ජනහමු කිහිපයකට අද (29) දිනයේ තමන් සහභාගී වන බැවින් ජාතික සභාවට සහභාගී නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු කියන්නේ කෙටි දැනුම් දීමක් මත පමණක් හදිස්සියේ ජාතික සභාවට සහභාගී විය නොහැකි බවයි.

ජාතික සභාවට සහභාගී වන්නේද යන්න පිළිබඳ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් පක්ෂය මගින් ඉදිරියේදි ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිලිබද කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිත්වය තම පක්ෂයට නොලැබෙන්නේ නම් ජාතික සභාව ප්‍රතික්ෂේප කිරීමට සිදුවන බවයි විපක්ෂනායකවරයා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මීට පෙර ජාතික සභාවට තම එකඟතාව ලබාදුන් අතර මනෝ ගනේෂන් (සමගි ජන බලවේගය – ජාතික කම්කරු සංගමය), රිෂාද් බදියුදීන් (සමගි ජන බලවේගය මන්ත්‍රී – සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය), රවුෆ් හකීම් (සමගි ජන බලවේගය මන්ත්‍රී – ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය) සහ පලනි දිගම්බරම් (සමගි ජන බලවේගය මන්ත්‍රී – ජාතික කම්කරු සංගමය) යන හතර දෙනාත් ජාතික සභාවට එක්ව තිබුණා.

”අපි යන්නේ නෑ” – මෛත්‍රීපාල සිරිසේන

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක්නොවන බව එම පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික සභාව පත් කළ යුතුව තිබුණේ අගමැතිවරයා හා ඇමති මණ්ඩලය පත්කිරීමට පෙර බවයි ඔහු කියන්නේ. මුලින් ජාතික සභාව පත්කර ඉන් අනතුරුව එය හා සාකච්ඡා කර අදාළ පත්කිරීම් කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

ජනාධිපතිවරයා විසින් විශාල කැබිනට් මණ්ඩලයක් පත්කිරීමෙන් පසු ජාතික සභාවක් ඇතිකිරීමට යන බවත්, එවැනි වැඩපිළිවෙලකට දායක විය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසනවා.

පනින්න හැදූ තවත් 06ක් අල්ලයි

0

නීති විරෝධීව මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකරන පුද්ගලයන් 06 දෙනෙකු තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය තලෙමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වැලිපරයක සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයින් පිරිසක් නිරීක්ෂණය වීමෙන් පසුව පරීක්ෂාවට කළ බවත් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට යාත්‍රාවක් පැමිණෙන තෙක් රැඳී සිටි බවට සැක සහිත වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු, කාත්තාවක් සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු එහිදී භාරයට ගත් බවත් නාවික හමුදාව කියා සිටිනවා.

එම පිරිස වව්නියාව හා මොරවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගත් බව කී නාවික හමුදාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් තලෙමන්නාරම පොලිසිය භාරදුන් බව ද සඳහන් කර සිටිනවා.

ළමයින්ගේ වයස වැඩි කරන්න යෝජනාවක්

0

ශ්‍රී ලංකාව තුළ ළමයකු ලෙස හඳුන්වන්නන්ගේ වයස අවුරුදු 16 සිට 18 දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු යෝජනාවල සඳහන් වනවා.

මේ පිළිබඳව ස්ත්‍රී – පුරුෂ සමතාව හා සමානාත්මතාවය තහවුරු කිරීමට හා ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

තොට ළඟ ගින්නට කමිටුවක්

0

මෝදර, මාදම්පිටිය, කජීමාවත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිනි ගැනීම සම්බන්ධයෙන් සෙවීමට කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ මෙම වතු නිවාස පෙල නිරන්තරයෙන්ම ගිනි ගැනීමට ලක්වන බවත් ගතවූ වසර එකහමාරක කාලයේදී තුන්වරක් එම නිවාස ගිනි ගැනීමට ලක්ව තිබෙන බවයි.

කජීමාවත්තේ පදිංචි වී සිටින අයගෙන් ගෙවල් අත්‍යාවශ්‍ය අය හඳුනා ගත යුතු යැයිද ඇතැම් විට බදුල්ලේ අයත් එහි පදිංචි වී සිටින අතර ඔවුන්ට ඒ ප්‍රදේශවලින් නිවාස ලබා දිය යුතු යැයිද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

චීන ජනාධිපති එලියට

0

හමුදා කුමන්ත්‍රණයකින් පසු, නිවාස අඩස්සියට පත් කළේ යැයි පැවැසුණු චීන ජනාධිපති ෂී ජින්පින් යළි ජනතාව අතරට පැමිණ තිබෙනවා.

පසුගිය සති අන්තයේදී චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවත්, චීන හමුදාව රටේ බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කළ බවත් කිසිදු පැහැදිලි හේතුවකින් තොරව ගුවන් ගමන් බොහෝමයක් හිටිහැටියේ අත්හිටුවා දැමුණු බවත් ආදී පුවත් රැසක් පළ වුණා.

ඒ, චීන රජයේ උදහසට ලක් වී, චීනයෙන් පිටුවහල් වී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ජීවත් වන චීන මාධ්‍යවේදියකු සිය ට්විටර් ගිණුම ඔස්සේ පළ කළ තොරතුරු පාදක කර ගනිමිනුයි.

කෙසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බෙයිජීං අගනුවර ප්‍රදර්ශනයක් විවෘත කරමින්, චීන ජනාධිපතිවරයා ඊට සහභාගී වූ බවයි.

රාජ්‍ය සේවකයිනි ගෞරවය රැකගෙන අඳින්න

0

රාජ්‍ය සේවකයන්ට කාර්යාල වෙත පැමිණීමේ දී හා රාජකාරියේ යෙදීමේ දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දෙන ලෙස ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

චක්‍රලේඛ හඳුන්වා දී තිබිය දී නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරිය පමණක් භාවිත කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් නියෝග කර ඇති බව වාර්තා වන බවද එහි සඳහන් වනවා.

අදාළ චක්‍රලේඛය –

”රාත්‍රී ආර්ථිකය කියන්නේ ගණිකා වෘත්තිය නෙවෙයි” – ඩයනා ගමගේ

0

රාත්‍රී ආර්ථිකය යනු රාත්‍රියට ජනතාව එලියට ගොස් විනෝද වීමත් එමගින් රජයට මුදල් ඉපයීමත් බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පවසනවා.

රාත්‍රී ආර්ථිකයත් නැති ලොව කිසිම රටක් දියුණු රටක් නොවන බවයි ඇය කියන්නේ. දවල් කාලයේ පුරා ජනතාව උපයන දේ වියදම් කරන්න වෙලාවක් තැනක් නැතිනම් රටකට දියුණු වෙන්න නොහැකි බවද ඇය පෙන්වා දෙනවා.

සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ රාත්‍රී දහයට පසු කාමරයට ගොස් නිදා ගන්නට නොවන අතර ඔවුනට මුදල් වියදම් කරන්නට රාත්‍රියේ සංස්කෘතියක් රට තුළ ඇති කළ යුතු බවයි රාජ්‍ය ඇමැතිනියගේ අදහස වන්නේ.

රාත්‍රී ආර්ථිකය යනු ගණිකා වෘත්තිය නොවන බව පවසන ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය, ගණිකා වෘත්තිය යනු රෑට පමණක් කරන දෙයක් නොව දවස තිස්සේම කරන දෙයක් බව පවසනවා.