ආණ්ඩුව රජයේ නිලධාරීන්ට බයෙන්

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බවයි ඉන් කියවෙන්නේ.

දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව එයින් පැවසෙනවා.

එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නියෝජිතයෙකු පැවසුවේ සමස්ත රාජ්‍ය සේවයම ආණ්ඩුවට එරෙහිව විවෘතව අදහස් දැක්වීම සිදුකෙරෙමින් පවතින නිසා ආණ්ඩුව තැති ගැන්මට කලවා ඇති බවයි. “ආණ්ඩුව රාජ්‍ය සේවකයාට බය වෙලා. අදහස් දැක්වීමට එරෙහිව තමන්ගේ මර්දනය ක්‍රියාත්මක කරන්නයි ඔය හදන්නේ. ඔහොම කට වහන්න ආණ්ඩුවට බැහැ. මේ පැරණි සියවස නෙමෙයි. මේ අලුත් සියවසක්. මිනිස්සු තමන්ගේ බය අත්හරිමින් ඉන්නේ. ඒ නිසා ඔය නීති තවදුරටත් වලංගු නැහැ’යි ඔහු සඳහන් කළා.

අදාළ චක්‍රලේඛය –

POPULAR

Recent articles