Home Blog Page 9

විදුලිය මිලදී ගැනීමට අවසර

0

නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බවත් විදුලි කප්පාදුව හෙට (28) සිට ඉහළ නොදමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා හා ෆර්නස් තෙල් අවශ්‍යතා ඛනිජ තෙල් සංස්ථාව හරහා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටිනවා.

ආදිවාසීනුත් අර්බුදයට

0

බිබිල, රතුගල ගම්මානයේ ආදිවාසී ජනතාව මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට පත්ව සිටින බව එහි නායක සුදා වන්නිලඇත්තන් පවසනවා.

ආර්ථික අර්බුදය උග්‍ර වීමත් සමග තම ජනතාව මෙම තත්ත්වයට පත්ව ඇතැයි ඔහු කියනවා. වැදි පවුල් 110ක් පමණ මෙම ගම්මානයේ ජීවත්වන බවත් තරුණ තරුණයන් කිසිවෙකුටත් කිසිදු රැකියාවක් හෝ අඩුම තරමින් කුලී වැඩ පවා මේ දිනවල නොමැති බවද පැවසූ ඔහු ඒ නිසා දිනකට එක ආහාර වේලක් පවා සොයාගැනීමට නොහැකිව සිටින බව පවසනවා.

පවතින ආහාර හිඟය නිසා දරුවන් පාසල් යෑම නවතා දැමීමට කටයුතු කර ඇති අතර ඇතැම් දරුවන් හා ගැබිනි මවුවරුන් මන්දපෝෂණයෙන් පෙළෙන බව සුදා වන්නිලඇත්තන් කියනවා. ආදිවාසී ජනතාවට ගොවිතැන් සිදු කිරීමට පොහොර හා ඉඩම් ප්‍රශ්නය උග්‍ර ව බලපා තිබෙන නිසා ගොවිබිම් සියල්ල වියැලෙමින් තිබෙන බව ද ආදිවාසී නායකයා සඳහන් කරනවා.

Dart මෙහෙයුම සාර්ථක වෙයි

0

නාසා ආයතනය විසින් දියත් කළ Dart මෙහෙයුම සාර්ථකවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී සලකා බලා ඇත්තේ පෘථිවියේ ඝට්ටනය වීමේ අවදානමක් ඇති ග්‍රහක ආරක්ෂිතව එම පථයෙන් වෙනස් කිරීමට ඇති හැකියාව පිළිබඳවයි.

ඒ අනුව 610 Kg ක පමණ බරකින් යුත් අභ්‍යවකාශ යානයක් ග්‍රහකයක ගැටීමට සලස්වා ඇති අතර එම පර්යේෂණය සාර්ථකව අවසන් වූ බව නාසා ආයතනය පවසනවා.

”වැඩියෙන් විදුලිය කපන්න වෙනවා” – මහජන උපයෝගිතා කොමිස⁣ම

0

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අක්‍රියවී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව සිදු කෙරෙන කාලය වැඩි කිරීමට සිදුවන බවයි.

මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් දෙවන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා අත්හිටුවා ඇති බව ඔවුන් පවසනවා.

ඒ අනුව මෙගාවොට් 900කින් යුත් විදුලි බලාගාරයේ මේවන විට ක්‍රියාත්මක යන්නේ මෙගාවොට් 300 කින් යුත් එක් ජනන යන්ත්‍රයක් පමණයි.

දිගින් දිගටම බේකරි වැසේ

0

පාන් පිටි, බිත්තර ඇතුළු බේකරි නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහල යාම සහ ඒවායේ පවතින හිඟය හේතුවෙන් රටපුරා පාන් බේකරි 2000කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි පැවසෙනවා. මේ බව කියන්නේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන යි.

පාන් පිටි ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් ඈත දුර බැහැර ප්‍රදේශවල පාන් බේකරි සියල්ලම පාහේ වැසී ගොස් ඇතැයි ඔහු කියනවා. මෙලෙස බේකරි වැසී යාමෙන් එම කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වූ ලක්ෂයකට වැඩි පිරිසක් සිය ජීවනෝපාය අහිමිවීමෙන් අසරණභාවයට පත්ව සිටින බවයි සභාපති එන්.කේ. ජයවර්ධන පවසන්නේ. ඒ සමඟම බේකරි කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයූ ආයතන ගණනාවක්ද වැසී ගොස් ඇතැයි ඔහු කියනවා.

මේ අර්බුදය හමුවේ දැනට පවත්වාගෙන යන්නේ මහා පරිමාණ බේකරි ඉතා සුළු සංඛ්‍යාවක් පමණක් බවත් පාන් පිටි නිෂ්පාදන සමාගම් එවැනි මහ පරිමාණ බේකරිවලට පමණක් පාන් පිටි බෙදාහරින හෙයින් දුෂ්කරතා මධ්‍යයේ වුව ඒවා මෙලෙස පවත්වාගෙන යන බවයි ඔහුගේ අදහස වන්නේ.

දකුණු පළාත් කුඩා සහ මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා පවසන්නේ බේකරි වැසී යාම හේතුවෙන් දකුණු පළාත් සංචාරක කර්මාන්තයටද බලපෑමක් එල්ල වී තිබෙන බවයි. හෝටල් වල සිටින විදෙස් සංචාරකයන්ට පාන් පිටි හිඟය නිසා සැන්ව්ච්, පේස්ට්‍රි වැනි ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකිවීමෙන් කුඩා හා මධ්‍යම පරිමානයේ සංචාරක කර්මාන්තය ද මේ වනවිට බරපතළ තැනකට ඇද වැටී ඇති බව ඔහු පවසනවා.

පාන් පිටි ගැටලුව නිසා දකුණු පළාතේ බේකරි වලින් 60%ක් පමණ වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කරනවා.

ඇමරිකාවේ රහස් හෙළිකළ අයෙකුට රුසියාවේ පුරවැසිභාවය

0

එක්සත් ජනපද ඔත්තු සේවා කොන්ත්‍රාත්කරුවෙකු වන Edward Snowden හට රුසියානු ජනාධිපතිවරයා විසින් එරට පුරවැසිභාවය ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ (CIA) රහස් ඔත්තු මෙහෙයුම්වල දත්ත හෙලිදරව් කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමෙන් වසර නවයකට පසු මෙලෙස ඔහුට පුරවැසිභාවය ලබාදී ඇති බවයි.

CIA හි සේවය කරමින් සිටි Edward Snowden 2013 වසරේදී එම ඒජන්සිය විසින් සිදුකරන ලද දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ හෙළි කර තිබෙනවා.

පසුව Edward Snowden ඇමරිකාවෙන් පළාගොස් රුසියාව වෙත ගොස් එරට සරණාගතභාවය ලබාගෙන තිබුණා.

ත්‍රිපෝෂ විස බව තහවුරු වෙයි

0

අගෝස්තු 19 වෙනිදා රැගෙන විත් කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගෙනවිත් තිබෙන ත්‍රිපෝෂවල නියමිත අවම ප්‍රමාණයට වඩා ඇෆලටෝක්සීන් රසායනිකය අඩංගු වී තිබෙන බව තහවුරු වී තිබෙනවා.

ඒ බව තහවුරුව ඇත්තේ එය වෙත ලබාදී තිබූ ත්‍රිපෝෂ කොට්ට 153ක් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණයකට අනුවයි. අගෝස්තු 20වෙනි දින ලබාගත් සාම්පල පරීක්ෂාවට අනුව ඇෆලටෝක්සීන් නියමිත ප්‍රමාණය ඉක්මවා තිබූ බවයි කළුතර, කටුකුරුන්ද ii මහජන පරීක්ෂකවරයා විසින් මෙම අහඹු සාම්පල් පරීක්ෂණයට යොමුකර තිබෙනවා.

ත්‍රිපෝෂ කොට්ට 153 අතරින් කොට්ට 8ක් තොගය නියෝජනය වන පරිදි රසායනාගාරය වෙත යොකු කළ සාම්පල් පරීක්ෂාවේ ප්‍රතිඵල වී ඇත්තේ ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවයි. මේ නිසා මෙම තොගය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්දැයි කළුතර, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කළුතර, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්ෂේත්‍ර සේවා) වෙතින් ලිඛිතව විමසා තිබෙනවා. අදාළ පරීක්ෂණ වාර්තා ලැබී ඇත්තේ අගෝස්තු 24 වෙනිදා යි.

මන්දපෝෂණය ගැන සමීක්ෂණයකට කෙහෙළියගෙන් උපදෙස්

0

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශවලට උපදෙස්දී තිබෙනවා.

දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පල වූ අතර මෙම සමීක්ෂණය පවත්වන්නේ එම තොරතුරු සත්‍යය දැයි තහවුරු කර කරගැනීම සඳහා බව වාර්තා වනවා.

මෙම සමීක්ෂණය මගින් ලබාගන්නා තොරතුරු හා දත්ත පදනම් කරගනිමින් අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

”අධිආරක්ෂිත කලාප නීත්‍යානුකූල නෑ” – මානව හිමිකම් කොමිසම

0

අධිආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනත යොදාගත නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ රාජ්‍ය රහස් පනත යොදා ගනමින් අධිආරක්ෂක කලාප ප්‍රකාශයක් කිරීමේ රජයේ ප්‍රවේශය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරන බවයි.

එබැවින් අංක 2298/53 දරන ගැසට් පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම රජයට උපදෙස් දී තිබෙනවා.

පාස්කු නඩුවට ජනපතිකම හරස් වෙයි

0

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහ මින් පෙර නම් කර තිබුණා.

ඒ එවක අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන්. නමුත් ජනාධිපති මුක්තිය මත පදනම්ව එම පෙත්සමෙන් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර තිබුනේ නැහැ.

සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වත්මන් ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටියා.