“ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුලු‍මනින්ම අහෝසි කරන්න” – මානව හිමිකම් කොමිෂන් සභාව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත මුලු‍මනින්ම අහෝසි කරන්නැයි මානව හිමිකම් කොමිෂන් සභාව රජයට දැනුම් දී තිබෙනවා.

ත්‍රස්තවාදය යන්නට නව අර්ථකථනයක් ඇතුළත් කර ඊට අදාළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කල යුතු බවයි කොමිසම පවසන්නේ.

2022 වසර සඳහා මානව හිමිකම් කොමිසමේ මාර්ග සැළැස්ම සම්බන්ධයෙන් මෑතකදී විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ද දැනුවත් කර ඇති බව මානව හිමිකම් කොමිසම නිකුත් කල නිවේදනයක සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ පුද්ගලයෙකු රඳවා තබා ගත හැකි කාල සීමාව ව්‍යවස්ථාවට පටහැණි බව ඔවුන් පෙන්වා දෙනවා.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයක් මත පදනම්ව කිසිදු අයෙකුට දඩුවම් නියම කල නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා.

තමන් යෝජනා කරන සංශෝධන සඳහා දණ්ඩ නීති සංග්‍රහය – අපරාධ නඩු විධිවිධාන පණත – අධිකරණ පණත සහ ඇප පණත සංශෝධනය විය යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයෙන් ඉල්ලීමක් කරනවා.

POPULAR

Recent articles