රුසියානු ගුවන්යානය ගැන නීතිපතිගෙන් මෝසමක්

එරොෆ්ලොට් ගුවන් යානය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අද (06) කොළඹ වාණිජ මහාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වාලමින් නිකුත් කළ වාරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහායි.

රුසියානු ඒරෝෆ්ලොට් ගුවන් සේවාවට අයත් ගුවන් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹවාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේ පසුගිය 02 වැනිදායි.

ඒ අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි.

කෙසේ වුවද ශ්‍රි ලංකා බලධාරීන් විසින් එරොෆ්ලොට් ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාව ශ්‍රී ලංකා තානාපතිනිය රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

POPULAR

Recent articles