ලිට්රෝ සමාගමේ ගෑස් තොග අද (22) රාත්‍රියෙන් අවසන්

ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අද (22) රාත්‍රී අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම සමාගමේ නිලධාරියෙක් මාධ්‍යයට පවසා තිබෙනවා.

ලිට්රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් ඊයේ රාත්‍රී දක්වා ගෑස් නිකුත් කරන බවත් අද දිනයේ ගෑස් සිලින්ඩර ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරන බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මසක ගෑස් ඉල්ලුම මෙට්‍රික්ටොන් 35,000 ක් බවත් මේ වන විට මසකට ගෑස් මෙට්‍රික්ටොන් 10,000 ක් පමණක් ලැබීමෙන් මෙම ගෑස් හිඟ තත්වය උද්ගත වී ඇති බවයි කියන්නේ.

පසුගිය දිනවලදී ගෑස් මිලදී ගැනීමට දිගු පෝලිම් දැකිය හැකි වූ අතර පෝලිමක ගෑස් සිලින්ඩර 500 ක ඉල්ලුමක් තිබියදී බොහෝ ස්ථානවල සිලින්ඩර 50 ක් පමණ ලැබීමෙන් ජනතාව අතර ගැටුම් ඇතිව තිබුණා.

POPULAR

Recent articles