”හිමිවෙලා තියෙන කසළ ශෝධක කාර්ය මැනවින් ඉටුකරනවා” – උදය ගම්මන්පිල

පොහොට්ටුවේ ලේකම්, සාගර කාරියවසම් විසින් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (12) අදහස් දැක්වුවා.

අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයෙක් විසින් පසුගිය වසර දෙකහමාරක කාලය තුළ රාජපක්ෂවරුන්ට සොරකම් කිරීම ගැන චෝදනා නොමැති බවට සාගර කාරියවසම් පැවසීම සම්බන්ධයෙන් විමසා සිටියා.

“සාගර කාරියවසම් මීට කලින් මැතිවරණයක් තරග කරලා පරාජය වුණා. තමාට ජනතා කැමැත්තෙන් නම් පාර්ලිමේන්තු යන්න බැහැයි කියලා තේරුණාට පස්සේ බැසිල් රාජපක්ෂගේ ගුණ වර්ණනා කළා. ඔවුන්ගේ අඩුපාඩු වැරදි ජනතාව ඉස්සරහ සාධාරණීකරණය කරලා කසළ ශෝධනය හොඳට පුළුවන් කියලා ඔප්පු කළා. එහෙම තමයි එතුමා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුව හරහා මන්ත්‍රී ධුරයක් ලබාගත්තේ. එතුමාට හිමිවෙලා තියෙන කසළ ශෝධක කාර්ය මැනවින් ඉටුකරනවා කියලා බය නැතුව කියන්න පුළුවන්”යැයි එයට පිළිතුරු දෙමින් උදය ගම්මන්පිල කියා සිටියා.

POPULAR

Recent articles