සතොසට වැඩ බලන සභාපතිවරියක්

සතොස වැඩ බලන සභාපති ලෙස වෙළඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන පත්කළ බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසනවා.

සේවයෙන් ඉවත් කළ සභාපති වෙනුර ගුණවර්ධන සම්බන්ධ බව කියන අයථා ගනුදෙනු කිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වන තෙක් ඔහුගේ වැඩ තහනම් කර ඇති බැවින් මෙම පත්විම සිදුකළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

POPULAR

Recent articles