අතුරුදන් වූ නේපාල ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි

පුද්ගලයන් 22 දෙනෙකු සමඟ ඊයේ (29 දිනයේදී අතුරුදන් වූ ගුවන් යානයක් කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේපාල ගුවන් සේවය වන ටාරා එයාර් විසින් මෙහෙයවන ලද යානයේ සුන්බුන් උතුරු නේපාලයේ මස්ටෑන්ග් දිස්ත්‍රික්කයෙන් සොයා ගත් බව නේපාල හමුදා ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මගී ගුවන් යානය විනාඩි 20ක ගුවන් ගමනක යෙදී සිටියදී ගොඩබෑමට මිනිත්තු පහකට පෙර ගුවන් ගමනාගමන පාලක සමඟ සම්බන්ධතා නැති වී ගොස් ඇති බව විදෙස් මාර්තා පෙන්වා දෙනවා.

කෙසේ වුවද මෙම අනතුරින් දිවි ගලවා ගත් අය සිටීදැයි තවමත් වාර්තා වී නැහැ.

අනතුරට ලක් වූ ගුවන් යානයේ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු, ජර්මානු ජාතිකයින් දෙදෙනෙකු හා නේපාල ජාතිකයින් 16 දෙනෙකු සිට ඇති බව වාර්තා වනවා.

අයහපත් කාලගුණය හා කඳුකර ප්‍රදේශ හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති අතර අද (30) උදෑසන නැවත සෝදිසි මෙහෙයුම් ආරම්භ වී තිබෙනවා.

POPULAR

Recent articles