“ඉන්ධන හිඟය කඩිනමින් අවසන් කරනවා” – විදුලිබල හා බලශක්ති ඇමති

දින කිහිපයක් පුරා පවතින ඉන්ධන හිඟය ඉදිරි දින කිහිපය ඇතුළත කඩිනමින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පසුගියදා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව ඇතුළු අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමින්.

කොලොන්නාව හා මුතුරාජවෙල සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක වන බැවින් ඉන්ධන බෙදා හැරීම කඩිනමින් ක්‍රමවත් කිරීමට සහ විදුලිබල උත්පාදනය කඩිනමින් යථා තත්ත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ බව අමාත්‍යවරයා කියනවා.

POPULAR

Recent articles