“මේකේ කොහේ හරි සාපයක් තියෙනවා” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට හැකියාවක් තිබෙනවා නම් මාස හයක් කටයුතුවලින් ඉවත්ව සිටින ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

වත්මන් රජය පත්කර ගැනීමෙන් ජනතාව බලාපොරොත්තු වූ කිසිවක් ඉටුවී නොමැති බැවින් ජනතාව තමන් වහන්සේලාට පවා හෙණ ඉල්ලන බවයි උන්වහන්සේ කියන්නේ.

ජනතාව මේ මොහොතේ කළ යුත්තේ ආණ්ඩුවට විරුද්ධවීම නොවන බව කියා සිටි උන්වහන්සේ 69 ලක්ෂයක් වූ ජනතාවට තමන් සමඟ එක්වන ලෙස ආරාධනා කරනවා.

“මිනිස්සු කියන්නේ මොකක්ද. මේ ආණ්ඩුවේ ඉන්න උන්ටයි ආණ්ඩුව ගෙනාපු උන්ටයි හෙණ ගහපිය, හෙණ ගහපිය කියනවා. මේකේ කොහේ හරි තියෙනවා සාපයක්. ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ කියලා ගොඩක් අය කියන්නේ. ඒකට හේතුව මේ ආණ්ඩුවෙන් වැඩ හරියට නොකරන එක. අපි නිතරම අඩුපාඩු පෙන්නන්නේ ආණ්ඩුව හදාගන්න. නමුත් දැන් සීමාව ඉක්මවා ගිහින් ඉවරයි. ඒ නිසා ජනතාවට කියන්නේ 69 ලක්ෂයම එකතු වෙන්න මහා සංඝරත්නය සමඟ. අපි ලෑස්තියි ආණ්ඩුව හදන්න හෝ ආණ්ඩුව ගෙදර යවන්න. අද මට අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙලා තියෙනවා බොහොම දෙනෙක් කියන්නේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වුණාට පස්සේ තියෙන දේත් නැති වුණා කියලා. බැසිල් මහත්තයෝ මේ චෝදනා වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවානං මාස හයක්වත් ඈත් වෙලා ඉන්න” යි ආනන්ද හිමි කියනවා.

POPULAR

Recent articles