“සතොසෙන් හාල් විතරක් දෙන්නේ නෑ” – වෙළඳ ඇමති

සතොස හරහා භාණ්ඩ මිල දී ගැනීමේ දී සහල් පමණක් මිල දී ගත නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු කියන්නේ හාල් සමඟ තවත් භාණ්ඩ මිල දී ගත යුතු බවයි. සතොස සියලුම භාණ්ඩ අලෙවි කරනුයේ සහන මිලකට බව ද අමාත්‍යවරයා කියනවා.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දී මේ මාධ්‍ය හමුවේ දී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියා.

“හාල් පමණක් ලබා දෙන්න බැහැ. අපි වෙළෙඳපොළේ පවතින මිලට වඩා විශාල මිල අඩුවීමකට කරන්නේ. 105 ට නාඩු කිලෝවක් දෙන්නේ. 128කට සම්බා කිලෝවක් අලෙවි කරන්නේ. ජාවාරම්කරුවෝ විසින් හාල් කිලෝ දහය දහය, එක පස්දෙනෙක් ඇවිල්ලා දහය දහය පනහක් අරන් ගියොත් අනෙක් පාරිභෝගිකයන්ට ඒ අවස්ථාව නැති වෙනවා.

සතොස අලෙවි කරන සියලුම භාණ්ඩ අලෙවි කරන්නේ සහන මිලට. වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලට. ඒ නිසා හාල් විතරක් පරිභෝජනය කරන මනුස්සයෙක් ලෝකේ නැහැ. අනෙක් මොනවාම හරි භාණ්ඩයක් අරන් යන්න පුළුවන්. හාල් විතරක් කළොත් ඒක ව්‍යාපාරයකට වෙන නිසා අපි සතොසේ හාල් විතරක් අලෙවි කරන්නේ නැහැ” යි වෙළඳ අමාත්‍යවරයා කියනවා.

POPULAR

Recent articles