”මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්” – රනිල් වික්‍රමසිංහ

ඊයේ (20) කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන අවස්තාවේදී Sky News මාධ්‍යවේදියා විසින් රනිල් වික්‍රමසිංහ ‘රාජපක්ෂලාගේ පරණ මිතුරා’ ලෙස හැඳින්වූ විට ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන් කවදත් රාජපක්ෂවරුන්ට විරුද්ධ බව පවසමිනුයි.

“මම රාජපක්ෂලාගේ යාළුවෙක් නෙවෙයි. මම ජනතාවගේ මිතුරෙක්,” ඔහු එහිදී කියා සිටිනවා.

එමෙන්ම කිසියම් පුද්ගලයකු සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමට පෙර ගැඹුරු විමර්ශනයක් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ එම මාධ්‍යවේදියාට උපදෙස්දී තිබෙනවා.

මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලා ඇති වෙනස ලබා දෙන බවයි.

POPULAR

Recent articles