සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

සංශෝධන සහිතව 19 බලාත්මක කිරීමට අග්‍රාමාත්‍යවරයා ගෙන ආ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෙන ආ යෝජනාවට ඊයේ (25) පස්වරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබූ බවයි නිවේදනය සඳහන් කරන්නේ.

අලුතින් පත් කළ කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී රැස්වූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

බලාත්මක කරන බව කියන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක කිරීමට යෝජිත නව සශෝධන මොනවාදැයි එම නිවේදනයේ සඳහන් වන්නේ නැහැ.

POPULAR

Recent articles