විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණයක

විපක්ෂයේ පක්ෂ රැසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ, තම පක්ෂය මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුව වර්ජනය කරන බව එහි නායක අනුර කුමාර දිසානායක අද (21) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

ඒ අනුව මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

POPULAR

Recent articles