කොවිඩ් 19 ආසදිතයින් වාර්තා වීම 35% කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොවිඩ් 19 ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි කොවිඩ් 19 රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරන්නේ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ කොවිඩ් 19 මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරන්නේ මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරි එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

පොදු ස්ථාන හා ආගමික ස්ථන ආශ්‍රිතව ද එන්නත්කරණ කඳවුරු පිහිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කරනවා.

POPULAR

Recent articles