ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණී යැයි තීන්දු ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වුණා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත රජය විසින් මේ මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

එම පනත් කෙටුම්පත අන්තර්ගත වගන්ති ගණනාවකින් අත්අඩංගුවට ගැනීම්, වධ හිංසන හා රඳවා ගැනීම්වලට එරෙහි මූලික අයිතිවාසිකම්වලට අහිතකර බලපෑම් එල්ල වන බවත් එම අයිතිවාසිකම් සීමා කෙරෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.

එම වගන්තියවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

POPULAR

Recent articles