ICC ජුලි මාසයේ ක්‍රීඩකයා ප්‍රභාත් ජයසූරිය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජුලි මාසයට අදාළව නම් කරන ලද ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය නම් කර තිබෙනවා.

වමත් දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවති තරඟාවලිය තුළ පළමු ඉනිමේදී ලකුණු 118 ට කඩුලු 6 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 59 කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා.

මෙලෙස ජුලි මාසයට අදාළව මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී ඇත්තේ එසේම පකිස්ථානයට එරෙහි තරඟාවලියේදීද ඔහු දස්කම් දැක්වීම හේතුවෙනුයි.

ඔහුට අමතරව එංගලන්ත කණ්ඩායමේ Jonny Bairstow හා ප්‍රංශ කණ්ඩායමේ Gustav McKeon ද මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශවී සිටියා.

POPULAR

Recent articles