”හෙට (29) ඉඳන් බස් රථ ධාවනය අඩාල වෙනවා” – සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටිනවා.

”පෞද්ගලික බස් රථ වලට ඩීසල් ටික ලංගම ඩිපෝ තුළින් ලබා දෙනවයි කියලා කියුවා. හැබැයි ඩීසල් ලබාදුන්නනා. හැබැයි දවස් හතරක ඉඳලා ඩීසල් ලබාදෙන්න ශ්‍රී ලංගමය අපොහොසත් වෙලා තියෙනවා. ඒ නිසා අද දිනයේදීවත් නොලැබුණහොත් අනිවාර්යෙන්ම සඳුදා බස් රථ ධාවනය කරන්න සිද්ධ වෙන්නේ 20% ක් විතර” යැයි සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියා.

POPULAR

Recent articles