වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට ගෙනාවොත් අස්වැන්නට වැඩි මිලක්

මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්ට්‍රික් ටොන් 31 600ක් මිලදි ගෙන තිබෙනවා.

එහි සභාපති නීල් ද අල්විස් සඳහන් කරන්නේ අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, වැනි ප්‍රදේශවලින් මේ වනවිට වී මිලදි ගෙන ඇති බවයි.

නාඩු වී කිලෝගෑම් 01ක් රුපියල් 90ක්, සම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 92ක්, කීරි සම්බා වී කිලෝ ගෑම් එකක් රුපියල් 95 ක මිලකට මිලදී ගන්නා බව සභාපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම නීල් ද අල්විස් මහතා සඳහන් කරන්නේ වී අලෙවි මණ්ඩලයේ ශාඛාවලට වී ගෙනවිත් දෙන්නේ නම් නාඩු වී කිලෝගෑම් එකක් රුපියල් 92 ක්, සම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 94 ක්, කීරිසම්බා වී කිලෝගෑම් එකක් රුපියල් 97 ක මිලකට මිලදී ගන්නා බවයි.

POPULAR

Recent articles