මෙරට තුළ ඉන්ධන අලෙවිය චීන සමාගමකට ?

චීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගමක් මෙරටට පැමිණීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරනවා. සිනොපෙක් (Sinopec) නම් එම සමාගම ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බවයි කියන්නේ. තෙල් නිපදවන රටවලට තවත් සමාගම්වලට තෙල් ආනයනය කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සිල්ලර මෙහෙයුම් ආරම්භ කිරීමට අවසර දීමේ යෝජනාවක් පසුගිය ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුමෙන් 90%ක් රජයට අයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා වන අතර ඉතිරි 10% LIOC සමාගම විසින් සපයනවා.

China Petrochemical Corporation 1998 හි පිහිටුවන ලද්දේ, ඛනිජ තෙල් සහ ඛනිජ රසායනික කර්මාන්තය උපායමාර්ගිකව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහීන රජය විසි ගනු ලැබූ පියවරක් ලෙසයි. එය 2018 අගෝස්තු මාසයේදී සීමිත වගකීම් සංස්ථාවක් ලෙස තවදුරටත් සංස්ථාගත කළා. විශාල ඛනිජ තෙල් සහ ඛනිජ රසායනික සමූහයක් වන සමාගමට යුවාන් බිලියන 326.5 ක ලියාපදිංචි ප්‍රාග්ධනයක් තිබෙනවා. බීජිං මූලස්ථානය කරගත් ඒ යටතේ පැතිරුණු ව්‍යාපාර ජාලයක් පවතිනවා.

කෙසේ වුවද Sinopec තෙල් ගබඩාවක් මේ වනවිටත් හම්බන්තොට වරායේ ස්ථානගතව තියෙනවා.

POPULAR

Recent articles