අයවැය යෝජනා ක්‍රියාවට නංවන්න කමිටුවක්

මෙම වසරේ අතුරු අයවැය යෝජනාවට අදාළ රජයේ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හෝ ඒ සඳහා පහසුකම් සැලසීමට ස්ථාපිත කරන ලද ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අතුරු අයවැය යෝජනා ක්‍රියාවට නැංවීමේ කඩිනම් පියවරක් ලෙස එම කමිටුව පත්කර ඇති බවයි.

කේ.ටී. කමල් පද්මසිරිගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස එන්.කේ.ජි.කේ. නෙම්මවත්ත, ආර්.එච්. රුවිනිස් යන පිරිස පත්කර ඇති බව එම නිවේදනයේ එහි වැඩිදුරටත් සඳහන් වනවා.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles