“පිටි නෑ” – බේකරි හිමියන්

මෙරට පිහිටි ප්‍රධාන තිරිගු පිටි සමාගම් ඉල්ලුමට සරිලන තිරිගු පිටි තොග නිකුත් නොකිරිම නිසා තම ව්‍යාපාර කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි හැටන් ප්‍රදේශයේ බේකරි හිමියන් හා සිල්ලර සහ තොග වෙළෙන්දන් කියා සිටිනවා.

හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව පවසන්නේ පිටි එජන්තවරුන් තමන් වෙත තිරිගු පිටි ඉතා සිමිත ප්‍රමාණයක් නිකුත් කරන බවයි.

එමෙන්ම දැනට එම සමාගම තිරිගු පිටි කිලෝවක් රු 145කට අලෙවි කරන බවත් තම වෙලදසල් වලින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නා පාරිභෝගිකයන්ට ඉල්ලන තිරිගු පිටි ප්‍රමාණයට වඩා අඩුවෙන් අලෙවි කරන බව ද ඔවුහු කියා සිටිනවා.

POPULAR

Recent articles