රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ජයම්පති හීන්කෙන්ද සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුට ඉල්ලා අස්වන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට කර ඇති දැනුම්දීමකට අනුව ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි දැනගන්නට තිබෙනවා .

රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පත්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි ආරංචි මාර්ග පවසනවා.

POPULAR

Recent articles