”පාසල්වලට සිසුන් ගන්නේ නෑ” – අධ්‍යාපන ඇමති

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

නාවල පිහිටි ආනන්ද බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි ක්‍රමවේදයක් නොතිබීමෙන් ඉහළ ලකුණු ගන්නා සිසුන්ට සිදුවන බලවත් අසාධාරණය වැළක්විය යුතු බවයි.

එහෙත් දෙමාපියන්ට අවශ්‍ය වන්නේ 7- 8 පන්තිවලට හෝ දරුවන් ඇතුළත් කරගැනීම බවත් එම තරගකාරීත්වය මගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහළට ඔසවා තැබීමේ අවකාශ ඇහිරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles