බණ්ඩාරනායක පිළිරුව අසලට ඒම වළකමින් අධිකරණ නියෝගයක්

ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ක ප්‍රදේශයට කිසිඳු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශය තුළට කිසිදු පාර්ශවයක් ඇතුළුවීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.

POPULAR

Recent articles