විමල් කිව්වේ බොරුවක්

තනතුරින් ඉවත් කළ, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනාවකට ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ එකඟත්වය පලවී ඇතැයි මීට පෙර විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින්ම පවසා තිබුණා.

පවතින අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමටත් අනතුරුව කෙටි කාලයක් තුලදී මහ මැතිවරණයක් කැඳවීමටත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවී යෝජනා කර තිබූ බවයි ඔහුගේ පාර්ශවයෙන් පවසා තිබුණේ.

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර ඊයේ (02) ජනාධිපතිවරයා හමුවී එම ඉල්ලීම සිදුකර ඇති බවයි කියවුණේ. ඔවුන් අද (03) අගමැති මහින්ද රාජපක්ෂ හමුවී එම යෝජනාව ම ඉදිරිපත්කළ බවයි කිව්වේ.

ඒ අනුව බොහෝදුරට හෙට (04) වනවිට අලුත් කැබිනට් මණ්ඩලයක් සහිත අලුත් ආණ්ඩුව පිහිටුවීමට ඉඩ ඇතැයි මාධ්‍ය පැවසුවා.

විමල් වීරවංශ පොහොට්ටුවේ මන්ත්‍රීවරයා පවසා තිබුණේ සර්ව පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරීම සඳහා කළ යෝජනාවට ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බවයි. රටේ වත්මන් තත්ත්වය අනුව මෙම අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා පවතින අමාත්‍ය මණ්ඩලයට කටයුතු කළ නොහැකි බවයි ඔහු කියා තිබුණේ. කැබිනට් මණ්ඩලය විසුරුවා හැර අන්තර්වාර ආණ්ඩුවක් සඳහා සර්වපාක්ෂික හෝ බහුපාර්ශ්වික ගිවිසුමකට එළඹෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද වීරවංශ මන්ත්‍රීවරයා කියා තිබුණා. වීරවංශ මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

කෙසේ වෙතත් අද (03) සවස මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍යය බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ වීරවංශ මන්ත්‍රීවරයාගේ සියලු ප්‍රකාශ නිශේධ කරමිනුයි.

POPULAR

Recent articles